(17)

  1. එක්තරා කර්මාන්තශාලාවක අයිතමවලින් $50\%$ ක් $A$ යන්ත්‍රය නිපදවන අතර ඉතිරිය $B$ හා $C$ යන්ත්‍ර මගින් නිපදවනු ලැබේ. $A, B$ හා $C$ යන්ත්‍ර මගින් නිපදවනු ලබන අයිතමවලින් පිළිවෙළින් $1\%, 3\%$ හා $2\%$ ක් දෝෂ සහිත බව දනිමු. සසම්භාවීව තෝරාගත් අයිතමයක් දෝෂ සහිත වීමේ සම්භාවිතාව $0.018$ බව දී ඇත. $B$ හා $C$ යන්ත්‍ර මගින් නිපදවනු ලබන අයිතමවල ප්‍රතිශත සොයන්න.

සසම්භාවී ලෙස තෝරාගත් අයිතමයක් දෝෂ සහිත බව දී ඇති විට, එය $A$ යන්ත්‍රය මගින් නිපදවන ලද එකක් වීමේ සම්භාවිතාව සොයන්න.

 

  1. එක්තරා කර්මාන්තශාලාවක සේවකයින් $100$ දෙනකු තම නිවසේ සිට සේවා ස්ථානයට ගමන් කිරීමට ගනු ලබන කාලය (මිනිත්තුවලින්) පහත වගුවේ දී ඇත:
සේවකයින් ගණන්ගනු ලබන කාලය
$0-20$$10$
$20-40$$30$
$40-60$$40$
$60-80$$10$
$80-100$$10$

ඉහත දී ඇති ව්‍යාප්තියේ මධ්‍යන්‍යය, සම්මත අපගමනය හා මාතය නිමානය කරන්න.
පසුව, $80 - 100$ පන්ති ප්‍රාන්තරයේ සිටි සියලු ම සේවකයින් කර්මාන්තශාලාව ආසන්නයේ පදිංචියට ගොස් ඇත. එයින්, $80 - 100$ පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය $10$ සිට $0$ දක්වා ද $0-20$ පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය $10$ සිට $20$ දක්වා ද වෙනස් විය.
නව ව්‍යාප්තියේ මධ්‍යන්‍යය, සම්මත අපගමනය හා මාතය නිමානය කරන්න.

Complexity: (0)