
- රූපයෙහි පෙන්වා ඇති පරිදි P,Q හා R දුම්රිය ස්ථාන තුනක් PQ=140 km හා QR=akm
වන පරිදි සරල රේඛාවක පිහිටා ඇත. කාලය t=0 දී A දුම්රියක් P හි දී නිශ්චලතාවයෙන් ආරම්භ කර Q දෙසට fkmh−2 නියත ත්වරණයෙන් පැය භාගයක් ගමන් කර කාලය t=12h හි දී එයට තිබූ ප්‍රවේගය පැය තුනක කාලයක් පවත්වාගෙන යයි. ඉන්පසු එය fkmh−2 නියත මන්දනයෙන් ගමන් කර Q හි දී නිශ්චලතාවට පැමිණෙයි. කාලය t=1h හි දී තවත් B දුම්රියක් R හි දී නිශ්චලතාවයෙන් ආරම්භ කර Q දෙසට පැය T කාලයක් 2fkmh−2 නියත ත්වරණයෙන් ද ඉන්පසු fkmh−2 නියත මන්දනයෙන් ද ගමන් කර Q හි දී නිශ්චලතාවට පැමිණෙයි. දුම්රිය දෙක ම එක ම මෙහොතේ දී නිශ්චලතාවට පැමිණේ. එක ම රූපසටහනක A හා B හි චලිත සඳහා ප්‍රවේග-කාල ප්‍රස්තාරවල දළ සටහන් අඳින්න.
ඒ නයින් හෝ අන් අයුරකින් හෝ, f=80 බව පෙන්වා, T හි හා a හි අගයන් සොයන්න.
- නැවක් පොළොවට සාපේක්ෂව u ඒකාකාර වේගයෙන් බටහිර දෙසට යාත්‍රා කරන අතර බෝට්ටුවක් පොළොවට සාපේක්ෂව u2 ක ඒකාකාර වේගයෙන් සරල රේඛීය පෙතක යාත්‍රා කරයි. එක්තරා මොහොතක දී, බෝට්ටුවෙන් d දුරකින් උතුරෙන් නැගෙනහිරට π3 ක කෝණයකින් නැව පිහිටයි.
- බෝට්ටුව පොළොවට සාපේක්ෂව උතුරෙන් බටහිරට π6 ක කෝණයක් සාදන දිශාවට යාත්‍රා කරයි නම් බෝට්ටුවට නැව අල්ලාගත හැකි බව පෙන්වා, එයට නැව අල්ලා ගැනීමට ගතවන කාලය 2d√3u බව පෙන්වන්න.
- බෝට්ටුව පොළොවට සාපේක්ෂව උතුරෙන් නැගෙනහිරට π6 ක කෝණයක් සාදන දිශාවට යාත්‍රා කරයි නම් නැවට සාපේක්ෂව බෝට්ටුවේ වේගය √7u2 බව පෙන්වා, නැව සහ බෝට්ටුව අතර කෙටිම දුර d2√7 බව පෙන්වන්න.
- රූපයෙහි ABC ත්‍රිකෝණය, AˆCB=α,AˆBC=π2 හා AB=2a වූ BC
අඩංගු මුහුණත සුමට තිරස් ගෙබිමක් මත තබන ලද ස්කන්ධය 3m වන සුමට ඒකාකාර කුඤ්ඤයක ගුරුත්ව කේන්ද්‍රය තුළින් වූ සිරස් හරස්කඩ වේ. AC රේඛාව, එය අඩංගු මුහුණතෙහි උපරිම බෑවුම් රේඛාවක් වේ. D ලක්ෂ්‍යය, AD තිරස් වන පරිදි ABC තලයෙහි වූ අචල ලක්ෂ්‍යයකි. A හා D හි සවිකර ඇති සුමට කුඩා කප්පි දෙකක් මතින් යන දිග 3a වූ සැහැල්ලු අවිතත්‍ය තන්තුවක දෙකෙළවරට පිළිවෙළින් ස්කන්ධය m හා 2m වූ P හා Q අංශු දෙක ඈඳා ඇත. රූපයේ දැක්වෙන පරිදි P අංශුව AC මත අල්වා තබා AP=AD=DQ=a වන පරිදි Q අංශුව නිදහසේ එල්ලෙමින් පද්ධතිය නිශ්චලතාවයෙන් මුදා හරිනු ලැබේ. Q අංශුව ගෙබිමට ළඟා වීමට ගන්නා කාලය නිර්ණය කිරීමට ප්‍රමාණවත් සමීකරණ ලබා ගන්න.
- රූපයේ දැක්වෙන පරිදි ABCDE සුමට තුනී කම්බියක් සිරස් තලයක සවි
කර ඇත. ABC කොටස O කේන්ද්‍රය හා අරය a වූ අර්ධ වෘත්තයක් වන අතර CDE කොටස කේන්ද්‍රය A හා අරය 2a වූ වෘත්තයක් හතරෙන් කොටසකි. A හා C ලක්ෂ්‍ය O හරහා යන සිරස් රේඛාවේ පිහිටන අතර, AE රේඛාව තිරස් වේ. ස්කන්ධය m වූ කුඩා සුමට P පබළුවක් A හි තබා තිරස්ව √ga2 ප්‍රවේගයක් දෙනු ලබන අතර එය කම්බිය දිගේ චලිතය ආරම්භ කරයි.
→OA සමග \theta (0 \le \theta \le \pi) කෝණයක් \overrightarrow{OP} සාදන විට P පබළුවේ v වේගය, v^2 = \frac{ga}{2}(5 - 4\cos \theta) මගින් දෙනු ලබන බව පෙන්වන්න.
ඉහත පිහිටීමේ දී කම්බිය මගින් P පබළුව මත ඇති කරන ප්‍රතික්‍රියාව සොයා, P පබළුව \theta = cos^{-1} (\frac{5}{6}) වූ ලක්ෂ්‍යය පසු කරන විට එය එහි දිශාව වෙනස් කරන බව පෙන්වන්න.
P පබළුව E හි දී කම්බියෙන් ඉවත් වීමට මොහොතකට පෙර එහි ප්‍රවේගය ලියා දක්වා එම මොහොතේ දී කම්බිය මගින් P පබළුව මත ඇති කරන ප්‍රතික්‍රියාව සොයන්න.
රූපයේ දැක්වෙන පරිදි AB = 2a, BC = a, CD = 2a හා DE = a වන පරිදි සුමට තිරස් මේයක් මත A, B, C, D හා E ලක්ෂ්‍ය එම පිළිවෙළින් සරල රේඛාවක් මත පිහිටා ඇත. ස්වභාවික දිග 2a හා ප්‍රත්‍යස්ථතා මාපාංකය kmg වන සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවක එක් කෙළවරක් A ලක්ෂ්‍යයට ඇඳා ඇති අතර අනෙක් කෙළවර ස්කන්ධය m වන P අංශුවකට ඈඳා ඇත. ස්වභාවික දිග a හා ප්‍රත්‍යාස්ථතා මාපාංකය mg වන තවත් සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවක එක් කෙළවරක් E ලක්ෂ්‍යයට ඇඳා ඇති අතර අනෙක් කෙළවර P අංශුවට ඈඳා ඇත.
P අංශුව C හි අල්වා තබා මුදා හල විට, එය සමතුලිතතාවේ පවතී. k හි අගය සොයන්න.
දැන්, P අංශුව D ලක්ෂ්‍යයට ළඟා වන තෙක් AP තන්තුව ඇද නිශ්චලතාවයේ සිට මුදා හරිනු ලැබේ. D සිට B දක්වා P හි චලිත සමීකරණය \ddot{x} + \frac{3g}{a}x = 0 මගින් දෙනු ලබන බව පෙන්වන; මෙහි CP = x වේ. \dot{x}^2 = \frac{3g}{a}(c^2 – x^2) සූත්‍රය භාවිතයෙන් P අංශුව B ට ළඟා වන විට එහි ප්‍රවේගය 3\sqrt{ga} බව පෙන්වන්න; මෙහි c යනු විස්තරය වේ.
P අංශුව B වෙත ළඟා වන විට එයට ආවේගයක් දෙනු ලබන්නේ ආවේගයෙන් මොහොතකට පසු P හි ප්‍රවේගය \overrightarrow{BA} දිශාවට \sqrt{ag} වන පරිදි ය.
B පසු කිරීමෙන් පසු ක්ෂණික නිසලතාවට පත්වන තෙක් P හි චලිත සමීකරණය \ddot{y} + \frac{g}{a}y = 0 මගින් දෙනු ලබන බව පෙන්වන්න; මෙහි DP = y වේ. D වලින් පටන් ගත් P අංශුව දෙවන වතාවට B වෙත පැමිණීමට ගන්නා මුළු කාලය 2\sqrt{\frac{a}{g}} \left( \frac{\pi}{3\sqrt{3}} + \cos^{-1} \left( \frac{3}{\sqrt{10}} \right) \right) බව පෙන්වන්න.
- \mathbf{a} හා \mathbf{b} යනු ඒකක දෙශික දෙකක් යැයි ගනිමු.
O මූලයක් අනුබද්ධයෙන් A, B හා C ලක්ෂ්‍ය තුනක පිහිටුම් දෙයික පිළිවෙළින් 12\mathbf{a}, 18\mathbf{b} හා 10\mathbf{a} + 3\mathbf{b} වේ.
\mathbf{a} හා \mathbf{b} ඇසුරෙන් \overrightarrow{AC} හා \overrightarrow{CB} ප්‍රකාශ කරන්න. A, B හා C ඒක රේඛීය බව අපෝහනය කර, AC : CB සොයන්න. OC = \sqrt{139} බව දී ඇත. A\hat{O}B = \frac{\pi}{3} බව පෙන්වන්න.
- ABCD යනු AB = 2m හා B\hat{A}D = \frac{\pi}{3} වූ රොම්බසයකි.
විශාලත්වය \pu{10N}, \pu{2N, 6N, PN} හා \pu{Q N} වූ බල පිළිවෙළින් AD, BA, BD, DC හා CB දිගේ අක්ෂර අනුපිළිවෙළින් දැක්වෙන දිශාවලට ක්‍රියා කරයි. සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය \pu{10 N} ද එහි දිශාව BC ට සමාන්තර B සිට C අතට වූ දිශාව බව ද දී ඇත. P හා Q හි අගයන් සොයන්න.
සම්ප්‍රයුක්ත බලයෙහි ක්‍රියා රේඛාව, දික් කරන ලද BA හමුවන ලක්ෂයට A සිට ඇති දුර ද සොයන්න.
දැන්, සම්ප්‍රයුක්ත බලය A හා C ලක්ෂ්‍ය හරහා යන පරිදි වාමාවර්ත අතට ක්‍රියා කරන සූර්ණය \pu{M Nm} වූ යුමයක් ද CB හා DC දිගේ අක්ෂර අනුපිළිවෙළින් දැක්වෙන දිශාවලට ක්‍රියා කරන එක එකෙහි විශාලත්වය \pu{F N} වූ බල දෙකක් ද පද්ධතියට එකතු කරනු ලැබේ. F හා M හි අගයන් සොයන්න.
- එක එකෙහි දිග 2a වන AB, BC හා CD
ඒකාකාර දඬු තුනක් B හා C අන්තවල දී සුමට ලෙස සන්ධි කර ඇත. AB, BC හා CD දඬුවල බර පිළිවෙළින් W, \lambda W හා 2\lambda W වේ. A කෙළවර අචල ලක්ෂ්‍යයකට සුමට ලෙස අසව් කර ඇත. රූපයේ දැක්වෙන පරිදි දඬු සිරස් තලයක සමතුලිතව තබා ඇත්තේ A හා C එකම තිරස් මට්ටමේ ද දඬු එක එකක් සිරස සමග \alpha කෝණයක් සාදන පරිදි ද C සන්ධියට හා C සන්ධියට සිරස්ව ඉහළින් වූ අචල ලක්ෂයකට ඇඳු සැහැල්ලු අවිතථ්‍ය තන්තුවක් මගින් හා D අන්තයට යෙදූ තිරස් P බලයක් මගිනි. \lambda = \frac{1}{3} බව පෙන්වන්න.
B හි දී CB මගින් AB මත ඇති කරන බලයේ තිරස් හා සිරස් සංරචක පිළිවෙළින් \frac{W}{3} \tan \alpha හා \frac{W}{6} බව ද පෙන්වන්න.
- යාබද රූපයේ දැක්වෙන රාමු සැකිල්ල සාදා ඇත්තේ
A, B, C හා D හි දී නිදහසේ සන්ධි කරන ලද එක එකෙහි දිග 2a වන AB, BC,CD,DA හා BD සැහැල්ලු දඬු මගිනි. B හා D හි දී පිළිවෙළින් W හා 2W වන භාර ඇත. රාමු සැකිල්ල A හි දී සුමටව අචල ලක්ෂ්‍යයකට අසව් කර AB තිරස්ව ඇතිව සමතුලිතතාවේ තබා ඇත්තේ C හි දී සිරස්ව ඉහළට යොදන ලද P බලයක් මගිනි. W ඇසුරෙන් P හි අගය සොයන්න.
බෝ අංකනය භාවිතයෙන්, ප්‍රත්‍යබල සටහනක් ඇඳ ඒ නයින්, දඬුවල ප්‍රත්‍යාබල ආතති ද තෙරපුම් ද යන්න සඳහන් කරමින් ඒවා සොයන්න.
- පතුලේ අරය r ද හා උස h වූ ඒකාකාර ඝන ඍජු වෘත්තාකාර කේතුවක ස්කන්ධ කේන්ද්‍රය පතුලේ කේන්ද්‍රයේ සිට \frac{h}{4} දුරකින් ද
- අරය r ද වන ඒකාකාර ඝන අර්ධගෝලයක ස්කන්ධ කේන්ද්‍රය, කේන්ද්‍රයේ සිට \frac{3r}{8} දුරකින් ද පිහිටන බව පෙන්වන්න.
පතුලේ අරය 2a හා උස 4a ඒකාකාර ඝන ඍජු වෘත්ත කේතුවක ජින්නකයකින් ඝන අර්ධ ගෝලයක් ඉවත් කර සාදා ඇති S වංගෙඩියක් යාබද රූපයේ දැක්වේ. ජින්නකයේ ඉහළ වෘත්තාකාර මුහුණත අරය හා කේන්ද්‍රය පිළිවෙළින් 2a හා O වන අතර පහළ වෘත්තාකාර මුහුණත සඳහා ඒවා පිළිවෙළින් a හා C වේ. ජින්නකයේ උස 2a වේ. ඉවත් කළ ඝන අර්ධ ගෝලයෙහි අරය හා කේන්ද්‍රය පිළිවෙළින් a හා O වේ.
S වංගෙඩියේ ස්කන්ධ කේන්ද්‍රය O සිට \frac{41}{48}a දුරකින් පිහිටන බව පෙන්වන්න.
S වංගෙඩිය, එහි පහළ වෘත්තාකාර මුහුණත, තලය ස්පර්ශ කරමින් රළු තිරස් තලයක් මත තබා ඇත. දැන්, තලය සෙමෙන් උඩු අතට ඇල කරනු ලැබේ. වංගෙඩිය හා තලය අතර ඝර්ෂණ සංගුණකය 0.9 වේ. \alpha < \tan^{-1}(0.9) නම්, වංගෙඩිය සමතුලිතතාවේ පවතින බව පෙන්වන්න; මෙහි \alpha යනු තලයේ තිරසට ආනතිය වේ.
- එක්තරා කර්මාන්තශාලාවක අයිතමවලින් 50\% ක් A යන්ත්‍රය නිපදවන අතර ඉතිරිය B හා C යන්ත්‍ර මගින් නිපදවනු ලැබේ. A, B හා C යන්ත්‍ර මගින් නිපදවනු ලබන අයිතමවලින් පිළිවෙළින් 1\%, 3\% හා 2\% ක් දෝෂ සහිත බව දනිමු. සසම්භාවීව තෝරාගත් අයිතමයක් දෝෂ සහිත වීමේ සම්භාවිතාව 0.018 බව දී ඇත. B හා C යන්ත්‍ර මගින් නිපදවනු ලබන අයිතමවල ප්‍රතිශත සොයන්න.
සසම්භාවී ලෙස තෝරාගත් අයිතමයක් දෝෂ සහිත බව දී ඇති විට, එය A යන්ත්‍රය මගින් නිපදවන ලද එකක් වීමේ සම්භාවිතාව සොයන්න.
- එක්තරා කර්මාන්තශාලාවක සේවකයින් 100 දෙනකු තම නිවසේ සිට සේවා ස්ථානයට ගමන් කිරීමට ගනු ලබන කාලය (මිනිත්තුවලින්) පහත වගුවේ දී ඇත:
සේවකයින් ගණන් | ගනු ලබන කාලය |
0-20 | 10 |
20-40 | 30 |
40-60 | 40 |
60-80 | 10 |
80-100 | 10 |
ඉහත දී ඇති ව්‍යාප්තියේ මධ්‍යන්‍යය, සම්මත අපගමනය හා මාතය නිමානය කරන්න.
පසුව, 80 - 100 පන්ති ප්‍රාන්තරයේ සිටි සියලු ම සේවකයින් කර්මාන්තශාලාව ආසන්නයේ පදිංචියට ගොස් ඇත. එයින්, 80 - 100 පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය 10 සිට 0 දක්වා ද 0-20 පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය 10 සිට 20 දක්වා ද වෙනස් විය.
නව ව්‍යාප්තියේ මධ්‍යන්‍යය, සම්මත අපගමනය හා මාතය නිමානය කරන්න.