(10)

යන්ත්‍රයක ඇති $A$ සහ $B$ නම් රෝද දෙකක් පොදු අක්ෂයක්gce-al-physics-2013-mcq-sinhala-10 වටා පිළිවෙළින් $\omega_1$ සහ $\omega_2$ කෝණික වේගයන්ගෙන් එකම දිශාවට භ්‍රමණය වේ. $(a)$ රූපය බලන්න. භ්‍රමණ අක්ෂය වටා $A$ හි අවස්ථිති සූර්ණය $I_1$ වන අතර $B$ සඳහා එම අගය $I_2$ වේ. කිසියම් මොහොතක දී රෝද දෙක හොඳින් තද වන ලෙස එකිනෙක වෙතට ඒවා තල්ලු වන අතර පද්ධතිය ලිස්සීමකින් තොරව $\omega$ පොදු කෝණික වේගයකින් භ්‍රමණය වේ. $(b)$ රූපය බලන්න. $\omega$ හි අගය දෙනු ලබන්නේ

(1)

$\omega = \frac{\omega_1 + \omega_2}{2}$ මගිනි.

(2)

$\omega = \frac{I_1\omega_1 + I_2\omega_2}{I_1 - I_2}$ මගිනි.

(3)

$\omega = \sqrt{\omega_1 \omega_2}$ මගිනි.

(4)

$\omega = \frac{I_1\omega_1 + I_2\omega_2}{I_1 + I_2}$ මගිනි.

(5)

$\omega = \frac{I_1\omega_1^2 + I_2\omega_2^2}{\omega_1^2 + \omega_2^2}$ මගිනි.

Complexity: (0)