You can test your knowledge. or
(1)

දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් වන්නේ:

  • A - දේශපාලන ක්‍රමයේ ක්‍රියාකාරිත්වය සහ එමගින් ජනතාවට වන බලපෑම තේරුම් ගැනීමට ය.
  • B - යහපාලනයේ සහ අයහපත් පාලනයේ වෙනස්කම් තේරුම් ගැනීමට ය.
  • C - රාජ්‍යයේ සහ ආණ්ඩුවේ ආධ්‍යාත්මික පදනම පිළිබඳව දැනගැනීමට ය.
  • D - ආණ්ඩුවේ බලාධිකාරී තීරණ ගැනීම හා සම්බන්ධ ක්‍රියාදාම පිළිබඳව තේරුම් ගැනීමට ය.
  • E - දේශීය හා ජාත්‍යන්තර තලයන්හි බල අරගලය කරන්නාවූ මාර්ග සහ විධික්‍රම තේරුම් ගැනීමට ය.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
More
(2)

දේශපාලනය:

  • A - ආණ්ඩුව පිළිබඳ කලාව මෙන්ම විද්‍යාව ද වේ.
  • B - අගය කිරිම් බලාධිකාරී බලය යොදවා බෙදාහරින විධික්‍රමය වේ.
  • C - සමාජ-ආර්ථික හා දේශපාලන ගැටලු අරබයා පවතින ප්‍රතිවිරෝධ අදහස් අතර ඇතිවන ගැටුම්වල ප්‍රතිඵලය වේ.
  • D - ආගමික අගය කිරීම් පදනම් කරගත් සමාජයක් ගොඩනැගීමේ සදාචාරාත්මක ක්‍රියාවලියක් වේ.
  • E - දේශපාලන විද්‍යාවේ ප්‍රායෝගික පැත්ත ලෙස සැලකේ.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
More
(3)

මිනිසුන් රාජ්‍ය ලෙස සංවිධාන වී ඇත්තේ ඇයි?

  • A - සමාජය තුළ පවතින විෂමතා ආරක්ෂා කර පවත්වා ගෙන යාමට ය.
  • B - සමාජය පාලනය කිරීම සඳහා පාලන ක්‍රමයක් ගොඩනගා ගැනීමට ය.
  • C - ජාතික ආරක්ෂාව සුරක්ෂිත කොට පවත්වා ගෙන යාමට ය.
  • D - සමාජයේ ආර්ථික කාර්යයන් විධිමත් ලෙස සංවිධානය කර ගැනීමට ය.
  • E - ජනතා පරමාධිපතිත්වය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සුජාතභාවය ලබා ගැනීමට ය.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
More
(4)

දේශපාලන වශයෙන් සංවිධානය වූ සමාජයකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ඇයි?

  • A - සමාජ ඒකාග්‍රතාව ආරම්භ කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ පවත්වා ගෙන යාම සඳහා ය.
  • B - සමාජයේ දිළිඳු කොටසේ අභිලාෂ පමණක් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ පවත්වා ගෙන යාම සඳහා ය.
  • C - ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ පවත්වා ගෙන යාම සඳහා ය.
  • D - නීතිය, ස්ථාවරභාවය, ආරක්ෂාව සහ සමාජ සාධාරණත්වය සැපයීම හා පවත්වා ගෙන යාම සඳහා ය.
  • E - ආර්ථික කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම හා බාහිර සම්බන්ධතා කළමනාකරණය කිරීම සඳහා ය.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
More
(5)

ස්වාධිපත්‍ය බලය:

  • A - රාජ්‍යයේ බලය පිළිබඳව සැලකිලිමත් වන දේශපාලන න්‍යාය වේ.
  • B - දේශීය සහ ජාත්‍යන්තර දේශපාලනය හසුරුවන ප්‍රධානතම න්‍යායාත්මක සංකල්පය වේ.
  • C - සමාජයට සහ අනෙක් සමාජ සංවිධානවලට ඉහළින් රාජ්‍යය අසහායත්වයට පත් කරන දේශපාලන සිද්ධාන්තය වේ.
  • D - රාජ්‍ය කැමැත්ත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සුජාතභාවය සපයන දේශපාලන න්‍යාය .
  • E - සන්ධීය දේශපාලන ක්‍රමයක් තුළ පවා අසහාය සහ බෙදිය නොහැකි බවට සලකනු ලැබේ.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
More
(6)

ධනවාදය:

  • A - ආරම්භක අවස්ථාවේ දී ගොඩනැගුවේ රාජ්‍ය නිර්බාධවාදී මූලධර්මය පදනම් කරගෙන ය.
  • B - පූර්ණ වෙළෙඳපොළ තරගය වර්ධනය කිරීම ඉලක්ක කොටගෙන ඇත.
  • C- 'වෙළෙඳපොළ ආර්ථිකය පාලනය නොකරන විට නිරායාසයෙන්ම සමතුලිතභාවය කරා ගමන් කරනු ඇත' යන විශ්වාසය මත ගොඩනගා ඇත.
  • D - නිදහස් වෙළෙඳපොළ ධනවාදය සහ රාජ්‍ය ධනවාදය යන ආකෘති යටතේ නූතන ලෝකය තුළ ක්‍රියාත්මක වේ.
  • E - ආර්ථික වෘද්ධිය සමග යළි බෙදාහැරීම යන ප්‍රතිපත්තිය මගින් සමාජ සාධාරණත්වය ඇති කිරීම ගැන සැලකිලිමත් වේ.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
More
(7)

සමාජවාදය:

  • A - සමාන පුරවැසිභාවය සහ සමාන ඉඩප්‍රස්ථා යන මූලධර්මය පදනම් කරගත් සමාජ ක්‍රමයක් වේ.
  • B - නිෂ්පාදනය සහ බෙදාහැරීමේ මාධ්‍යයන් රාජ්‍ය අයිතිය පදනම් කරගත් ආර්ථික ක්‍රමයක් වේ.
  • C - ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට විකල්ප දේශපාලන ක්‍රමයක් වේ.
  • D - බහු පක්ෂ ක්‍රමයක් පදනම් කරගෙන ක්‍රියාවට නැංවෙන පාලන ක්‍රමයක් වේ.
  • E - ධනවාදය මගින් නිර්මාණය කර ඇති සමාජ අසමානත්වය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට උත්සාහ දරන දේශපාලන මතවාදයක් වේ.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
More
(8)

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය:

  • A- වෙළඳපොළ ආර්ථික ක්‍රමයට සහ විප්ලවකාරි සමාජවාදයට විකල්පයක් වන ආර්ථික මාදිලියක් වේ.
  • B - වෙළඳපොළ ආර්ථික ක්‍රමය සහ සමාජ සාධාරණත්වය අතර එකගතාවක් නිර්මාණය කිරීම පිළිබඳ ව සැලකිලිමත් වේ.
  • C - ‘සමාජ වෙනස් වීම විප්ලවය මගින් කළ යුතු ය' යන මාක්ස්ගේ න්‍යාය පිළිගන්නා දේශපාලන න්‍යායක් වේ.
  • D - වෙළඳපොළ ආර්ථික ක්‍රමය, විකාශනාත්මක සමාජවාදය සහ සුබසාධක රාජ්‍ය ක්‍රමය යන මුල්ගල් තුන මත ගොඩනගා ඇත.
  • E - ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග මගින් සමාජවාදී සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම ඉලක්ක කරගෙන ඇත.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
More
(9)

කැබිනට් ආණ්ඩුක්‍රමයේ මූලික ලක්ෂණ:

  • A - සත්‍ය සහ නාමික වශයෙන් හඳුන්වන ද්විත්ව විධායකයක පැවැත්ම
  • B - නාමික විධායකය විසින් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයින් අතුරෙන් සත්‍ය විධායකය පත් කිරීම
  • C - සත්‍ය විධායකය සෘජුවම ව්‍යවස්ථාදායකයට වගකීම
  • D - විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර බලතල හා කාර්යයන් විධිමත් අයුරින් බෙදා නොතිබීම
  • E - නිශ්චිත නිල කාලයක් සඳහා ජනතාව විසින් සෘජුව පත් කරනු ලබන නාමික විධායකයක් තිබීම

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
More
(10)

ජනාධිපති ආණ්ඩුක්‍රමයේ මූලික ලක්ෂණ:

  • A - එකිනෙකට වෙනස් මැතිවරණ දෙකකින් විධායකය සහ ව්‍යවස්ථාදායකය සෘජුව තෝරා පත්කර ගැනීම
  • B - විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර බලතල බෙදීම
  • C - සංවරණ හා තුලන මූලධර්මය මත විධායකය සහ ව්‍යවස්ථාදායකය සිය බලතල ක්‍රියාවට නැංවීම
  • D - විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර පවතින සමීප සහයෝගිතාව
  • E - විධායකය සෘජුව ව්‍යවස්ථාදායකයට වගනොකීම

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
More