You can test your knowledge. or
(1)

දිලීර සම්බන්ධයෙන් පහත සඳහන් කවර වගන්තිය සත්‍ය වේ ද?

(1)

බොහෝ දිලීර ස්වයංපෝෂීන් වේ.

(2)

යීස්ට් ඒකසෛලික දිලීරයක් සඳහා උදාහරණයකි.

(3)

දිලීරවල සෛල බිත්ති සැදී ඇත්තේ සෙලියුලෝස්වලිනි.

(4)

දිලීරවල ප්‍රධාන සංචිත ආහාරය පිෂ්ටයයි.

(5)

දිලීර අලිංගිකව පමණක් ප්‍රජනනය කරයි.

Complexity: (0)
More
(2)

'රන්වන් සහල්' නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජානය ලබා ගැනීමට භාවිත කළ බැක්ටීරියාව වනුයේ,

(1)

Agrobacterium tumefaciens

(2)

Bacillus thuringiensis

(3)

Escherichia coli

(4)

Corynebacterium glutamicum

(5)

Erwinia uredovora

Complexity: (0)
More
(3)

විනාකිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න.

  • (A) එතනෝල්, ඇසිටික් අම්ලය බවට පත් කිරීම විනාකිරි නිෂ්පාදනයේ පළමු පියවර වේ.
  • (B) Acetobacter හෝ Gluconobacter භාවිත කර එතනෝල්, ඇසිටික් අම්ලය බවට පත් කළ හැකි ය.
  • (C) මෙම ක්‍රියාවලියේ දී එතනෝල්, ඇසිටික් අම්ලය බවට පත් කිරීම ඔක්සිකරණ ප්‍රතික්‍රියාවකි.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

(1)

(A) පමණි.

(2)

(B) පමණි.

(3)

(C) පමණි.

(4)

(A) සහ (B) පමණි.

(5)

(B) සහ (C) පමණි.

Complexity: (0)
More
(4)

ලැක්ටොස් අයත් වන්නේ කවර කාබොහයිඩ්රේට කාණ්ඩයට ද?

(1)

මොනොසැකරයිඩ (Monosaccharide)

(2)

ඩයිසැකරයිඩ (Disaccharide)

(3)

පිෂ්ටය

(4)

පොලිසැකරයිඩ (Polysaccharide)

(5)

ඔලිගොසැකරයිඩ (Oligosaccharide)

Complexity: (0)
More
(5)

කෘත්‍රිම බහුඅවයවික පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න.

  • (A) එක් බහු අවයවිකයක් තැනී ඇත් එක් වර්ගයක ඒක අවයවික මගින් පමණි.
  • (B) සියලු ම බහු අවයවික නොබෙදුනු දාම වේ.
  • (C) බහු අවයවිකවල අණුක භාර සරල අණුවල අණුක භාරවලට වඩා ඉහළ ය.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

(1)

(A) පමණි.

(2)

(B) පමණි.

(3)

(C) පමණි.

(4)

(A) සහ (B) පමණි.

(5)

(A) සහ (C) පමණි.

Complexity: (0)
More
(6)

තීන්ත තුළ බහුඅවයවික ද්‍රව්‍ය ක්‍රියා කරනුයේ,

(1)

වර්ණක (pigments) ලෙස ය.

(2)

පිරවුම් (filling) කාරක ලෙස ය.

(3)

තෙත් (wetting) කාරක ලෙස ය.

(4)

බැඳුම් (binding) කාරක ලෙස ය.

(5)

ද්‍රාවක (solvents) ලෙස ය.

Complexity: (0)
More
(7)

සබන් අණුවක ව්‍යුහයක් විය හැක්කේ,

(1)

gce-al-science-for-technology-2017-mcq-sinhala-7-1

(2)

gce-al-science-for-technology-2017-mcq-sinhala-7-2

(3)

gce-al-science-for-technology-2017-mcq-sinhala-7-3

(4)

gce-al-science-for-technology-2017-mcq-sinhala-7-4

(5)

gce-al-science-for-technology-2017-mcq-sinhala-7-5

Complexity: (0)
More
(8)

ජෛව ඩීසල් සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය කුමක් ද?

(1)

එය දහනය කිරීමේ දී පරිසරයට $\ce{CO2}$ නිදහස් වීමක් සිදු නොවේ.

(2)

එය නැවුම් ශාක තෙල් මගින් පමණක් නිපදවිය හැකි ය.

(3)

එය නිපදවීම සඳහා මෙතනෝල් අමුද්‍රව්‍යයක් වේ.

(4)

එය නිපදවීම සඳහා වඩාත් සුදුසු උත්ප්‍රේරකය $\ce{NaOH}$ වේ.

(5)

එය පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයකි.

Complexity: (0)
More
(9)

පොහොර නිෂ්පාදනය සඳහා ඇපටයිට් (apatite) භාවිත කරයි. මෙහි දී ඇපටයිට් සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවීමට හේතුව වනුයේ,

(1)

අවසාන ඵලයේ ජලභීතික ස්වභාවය අඩු කිරීම සඳහා ය.

(2)

කුඩා කොටස්වලට කඩා ගැනීම සඳහා ය.

(3)

පිරවුම් කාරකයක් එකතු කිරීම සඳහා ය.

(4)

ඇපටයිට්වල විෂ ස්වභාවය අඩු කිරීම සඳහා ය.

(5)

ජලද්‍රාව්‍යතාව වර්ධනය කර ගැනීම සඳහා ය.

Complexity: (0)
More
(10)

රසායනික අමුද්‍රව්‍යයක් සම්බන්ධයෙන් විද්‍යාත්මක, සෞඛ්‍යමය හා තාක්ෂණික තොරතුරු දැන ගැනීමට වඩාත් ම සුදුසු ක්‍රමය කුමක් ද?

(1)

රසායනික අමුද්‍රව්‍යය සැපයුම්කරුවකුට (chemical supplier) කථා කිරීම මගින්

(2)

ද්‍රව්‍යය ආරක්ෂණ දත්ත පත්‍රිකාව (Material Safety Data Sheet) භාවිතය මගින්

(3)

අන්තර්ජාලයේ (internet) සෙවීම මගින්

(4)

නිෂ්පාදකයාට කථා කිරීම මගින්

(5)

අදාළ පේටන්ට් බලපත්‍ර (patents) පරිශීලනය මගින්

Complexity: (0)
More