You can test your knowledge. or
(1)

එක් එක් කුටුම්බයන්හි සහ ආයතනයන්හි තීරණ පිළිබඳ අධ්‍යයනය කෙරෙන ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රය වනුයේ,

(1)

සාර්ව ආර්ථික විද්‍යාව ය.

(2)

සූක්ෂ්ම ආර්ථික විද්‍යාව ය.

(3)

යථානුරූපී ආර්ථික විද්‍යාව ය.

(4)

අභිමතානුරූපී ආර්ථික විද්‍යාව ය.

(5)

ශුභසාධන ආර්ථික විද්‍යාව ය.

Complexity: (0)
More
(2)

භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය යන සම්පත්වල හිමිකරුවන් වෙත කෙරෙන ආදායම් ගෙවීම් පිළිවෙළින්

(1)

පොලිය, වැටුප්, බදු කුලිය සහ ලාභ වේ.

(2)

බදු කුලිය, වැටුප්. ලාභාංශ සහ පොලිය වේ.

(3)

බදු කුලිය, ලාභ, වැටුප් සහ පොලිය වේ.

(4)

බදු කුලිය, වැටුප්, පොලිය සහ ලාභ වේ.

(5)

පොලිය, වැටුප්, ලාභාංශ සහ බදු කුලිය වේ.

Complexity: (0)
More
(3)

පහත සඳහන් දෑ අතුරින් විධාන ආර්ථික පද්ධතියක කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ කවරක් ද?

(1)

ප්‍රාග්ධනය පිළිබඳ පෞද්ගලික හිමිකම

(2)

වෙළෙඳපොළ මත දැඩිව රඳා පැවතීම

(3)

මධ්‍යගත සැලසුම්කරණය

(4)

වෙළඳපොළ බලය සංකේන්ද්‍රණය වීම

(5)

ස්වාර්ථය පදනම් කොට තීරණ ගැනීම

Complexity: (0)
More
(4)

A ලක්ෂ්‍යයේ නිෂ්පාදනයෙහි නිරතව සිටින ආර්ථිකයක නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය පහත රූපසටහන පෙන්නුම් කරයි.

gce-al-econ-2019-mcq-sinhala-new-4

Y භාණ්ඩයෙන් නිෂ්පාදනය කරනු ලබන නිමැවුම් ප්‍රමාණය වෙනුවෙන් X භාණ්ඩයෙන් කැප කරන ලද නිමැවුම් ප්‍රමාණය කොපමණ ද?

(1)

100

(2)

200

(3)

300

(4)

400

(5)

500

Complexity: (0)
More
(5)

X භාණ්ඩයේ මිල වෙනස් වීමක ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක පහත වගුව පෙන්නුම් කරයි. ආදේශන හා ආදායම් ප්‍රතිවිපාකවල නිවැරදි සංයෝජනය නිරූපණය කරනුයේ පහත සඳහන් කවරක් ද?

 X භාණ්ඩයේ ස්වරූපයමිල වෙනස්වීමආදේශන ප්‍රතිවිපාකය ඔස්සේ ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයආදායම් ප්‍රතිවිපාකය ඔස්සේ ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය
(1)බාලපහළ යයිඅඩු වේවැඩි වේ
(2)බාලඉහළ යයිඅඩු වේඅඩු වේ
(3)බාලඉහළ යයිවැඩි වේවැඩි වේ
(4)සාමාන්‍යපහළ යයිවැඩි වේවැඩි වේ
(5)සාමාන්‍යඉහළ යයිවැඩි වේඅඩු වේ

(1)
(2)
(3)
(4)
(5)
Complexity: (0)
More
(6)

භාණ්ඩයක සැපයුම් වක්‍රය වමට විතැන් කරනුයේ පහත සඳහන් කවරක් ද?

(1)

නිෂ්පාදන පිරිවැයෙහි ඉහළ යාමක්

(2)

නිෂ්පාදන පිරිවැයෙහි පහළ යාමක්

(3)

භාණ්ඩයේ මිල ඉහළ යාමක්

(4)

භාණ්ඩයේ මිල පහළ යාමක්

(5)

ඉල්ලුම අඩු වීමක්

Complexity: (0)
More
(7)

කිසියම් පුද්ගලයෙකුගේ ආදායම වැඩි වන විට, පොදු ප්‍රවාහන සේවය සඳහා ඔහුගේ ඉල්ලුම අඩු වන්නේ නම්, පොදු ප්‍රවාහන සේවය උදාහරණයක් වනුයේ,

(1)

පොදු භාණ්ඩයකට ය.

(2)

නොමිල භාණ්ඩයකට ය.

(3)

ගිෆන් භාණ්ඩයකට ය.

(4)

සාමාන්‍ය භාණ්ඩයකට ය.

(5)

පොදු භාණ්ඩයකට ය.

Complexity: (0)
More
(8)

X නමැති භාණ්ඩය සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම් වක්‍රය පහත රූපසටහන පෙන්නුම් කරයි.

gce-al-econ-2019-mcq-sinhala-new-8

වෙළෙඳපොළ සමතුලිත ප්‍රමාණය A ලක්ෂ්‍යයේ සිට B ලක්ෂ්‍යය කරා වෙනස් වීමට බොහෝ දුරට හේතු විය හැක්කේ

(1)

ආදේශක භාණ්ඩයක මිල ඉහළ යාම ය.

(2)

පාරිභෝගිකයන්ගේ ආදායම් ඉහළ යාම ය.

(3)

පාරිභෝගිකයන්ගේ ආදායම් පහළ යාම ය.

(4)

X භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය පහළ යාම ය.

(5)

X භාණ්ඩයේ සැපයුම අඩු වීම ය.

Complexity: (0)
More
(9)

භාණ්ඩ ඒකකයක් සඳහා රු. 10 ක සමතුලිත මිලක් පවතින කල්පිත තරගකාරී වෙළෙඳපොළක් උපකල්පනය කරන්න. දැන් වෙළෙඳපොළ සැපයුම් වක්‍රය සෑම මිලකදී ම නම්‍ය තත්වයක සිට, සෑම මිලක දී ම අනම්‍ය තත්වයක් කරා වෙනස්වන බවත්, එහිදී වෙළෙඳපොළ සමතුලිත මිල නොවෙනස්ව පවතින බවත් සලකන්න. මෙම වෙනස පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදක අතිරික්තය මත ඇති කරන ප්‍රතිවිපාක කවරේ ද?

 පාරීභෝගික අතිරීක්තයනිෂ්පාදක අතිරික්තය
(1)වැඩි වේඅඩු වේ
(2)වැඩි වේනොවෙනස් වේ
(3)නොවෙනස් වේවැඩි වේ
(4)නොවෙනස් වේනොවෙනස් වේ
(5)අඩු වේවැඩි වේ

(1)
(2)
(3)
(4)
(5)
Complexity: (0)
More
(10)

සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වෙළෙඳපොළ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර පහත රූපසටහන පෙන්නුම් කරයි.

gce-al-econ-2019-mcq-sinhala-new-10

වෙළෙඳපොළ සමතුලිත මිල $\ce{P1}$ සිට $\ce{P2}$ දක්වා ඉහළ යා හැක්කේ

(1)

පාරිභෝගිකයන්ගේ ආදායම් ඉහළ ගිය විට ය.

(2)

අනුපූරක භාණ්ඩයක මිල ඉහළ ගිය විට ය.

(3)

නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස පහළ වැටුණ විට ය.

(4)

නිෂ්පාදිතය මත ලබාදෙන සහනාධාර ඉහළ ගිය විට ය.

(5)

$\ce{P2}$ මිල උපරිම මිලක් වශයෙන් නෛතිකව නියම කළ විට ය.

Complexity: (0)
More