(1)
දේශපාලනය අධ්‍යනය කිරිමෙන් සිසුන්ට
- A - සමාජය තුළ පවතින බලය සහ අධිකාරය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේ.
- B - යහපත් සහ අයහපත් ආණ්ඩුකරණය වෙන් කොට හඳුනාගැනීමට හැකියාව ලැබේ.
- C - වගකීම් සහිත පුරවැසියන් විය හැකි වේ.
- D - තමන් තුළ ආධ්‍යාත්මික ගුණය පෝෂණය කරගත හැකි වේ.
- E - බල අරගලයේ අන්තර්ගතය විශේෂණය කිරිමට හැකි වේ.
Complexity: (0) More
(2)
දේශපාලනය සැලකිලිමත් වන්නේ,
- A - පොදු ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳව ය.
- B - ගැටුම් සාමකාමීව විසඳීම පිළිබඳව ය.
- C - රාජ්‍යය සහ එහි ආයතන පිළිබඳව ය.
- D - රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවලිය ගැන ය.
- E - මනුෂ්‍ය ජීවිතය තුළ ආගම ඉටු කරන භූමිකාව ගැන ය.
Complexity: (0) More
(3)
නූතන සමාජයන්හි රාජ්‍යය
- A - අභ්‍යන්තර සහ බාහිර ස්වාධිපත්‍යය හිමි කරගෙන සිටියි.
- B - ආණ්ඩුවට සමාන ය.
- C - තම සාමාජිකයන් විය යුත්තේ කවුරුන්දැයි තීරණය කරයි.
- D - ජාතික රාජ්‍යය යනුවෙන් ද හැඳින්වේ.
- E - බලහත්කාරි බලය පිළිබඳ ඒකාධිකාරයට හිමිකම් කියයි.
Complexity: (0) More
(4)
නූතන සමාජයන්හි ආණ්ඩුව
- A - වියුක්ත අදහසකි.
- B - වරින්වර වෙනස් කළ හැකි ය.
- C - ඒකීය සහ සංධීය යන ආකාර දෙකට අනුව සංවිධානය කළ හැකි ය.
- D - රාජ්‍යයේ නියෝජිතයා ය.
- E - රාජ්‍යත්වයේ අත්‍යවශ්‍ය අංගයකි.
Complexity: (0) More
(5)
සම්භාව්‍ය න්‍යායට අනුව ස්වාධිපත්‍යය
- A - රාජ්‍යයේ උත්තරීතර බලය සංකේතවත් කරයි.
- B - අන්සතු කළ නොහැකි ය.
- C - අවශ්‍ය ඕනෑම විටෙක බෙදිය හැකි ය.
- D - නීතියේ උල්පතයි.
- E - හිමි වන්නේ පාලකයාට පමණි.
Complexity: (0) More
(6)
ධනවාදී මතවාදයට අනුව
- A - රාජ්‍යය ආර්ථිකය පාලනය කළ යුතු ය.
- B - වෙළෙඳපොළ ගනුදෙනු අදෘෂ්‍යමාන හස්තයකින් කළමනාකරණය කෙරේ.
- C - ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සමාජයේ සෑම ස්ථරයක් වෙතටම කාන්දු වෙයි.
- D - නිෂ්පාදනයේ අරමුණ විය යුත්තේ පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කිරීමයි.
- E - නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය පුද්ගල නිදහස වර්ධනය කරයි.
Complexity: (0) More
(7)
ජනාධිපති ආණ්ඩුක්‍රමයේ ලක්ෂණවලට අයත් වන්නේ,
- A - විධායකය සහ ව්‍යවස්ථාදායකය සඳහා වෙන් වෙන් මැතිවරණ පැවැත්වීම ය.
- B - ව්‍යවස්ථාදායකයෙන් ස්වාධීනව විධායකය පැවැතීම ය.
- C - ආණ්ඩුව සංවිධානය කිරිමේ දී බලතල වෙන් කිරිමේ සිද්ධාන්තය යොදාගැනීම ය.
- D - පක්ෂ දේශපාලන හේතු මත ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කළ නොහැකිය යන මූලධර්මය ය.
- E - ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ ධූර කාල සමගාමීව අවසන් වීම ය.
Complexity: (0) More
(8)
විද්‍යාත්මක සමාජවාදය
- A - කම්කරු පන්තිය ධනවාදී රාජ්‍යයට අවනත විය යුතු බව කියා සිටියි.
- B - රාජ්‍යය යනු අධිපති පන්තියේ බල උපකරණයක් යැයි විශ්වාස කරයි.
- C - රාජ්‍යය පවතින්නේ පන්ති සහිත සමාජවල යැයි කියා සිටියි.
- D - කොමියුනිස්ට් සමාජය තුළ දී රාජ්‍යය වියැකී යනු ඇතැයි විශ්වාස කරයි.
- E - කාල් මාක්සි හා ෆෙඩ්රික් එංගල්ගේ ඉගැන්වීම් මත පදනම් ව ඇත.
Complexity: (0) More
(9)
ඒකාධිපති ආණ්ඩුක්‍රමයක ලක්ෂණ වන්නේ,
- A - ලිබරල් සමාජ සහ දේශපාලන දර්ශනයක් නොතිබීමයි.
- B - මහජන දුම්ගැනවිලිවලට සවන්දීමට උනන්දුවක් නොතිබීමයි.
- C - අත්තනෝමතික පාලනයයි.
- D - මහජනතාවට වගකීමට පාලකයා සතු කැමැත්තයි.
- E - මහජන ජීවිතයේදී ජනමාධ්‍යයට හිමි යටහත් භූමිකාවයි.
Complexity: (0) More
(10)
සංධීය ආණ්ඩුක්‍රම ආකෘතිය යටතේ
- A - ආණ්ඩු බලය මධ්‍යම සහ ප්‍රාන්ත ආණ්ඩු අතර බෙදී පවතියි.
- B - මධ්‍යම සහ ප්‍රාන්ත ආණ්ඩු අතර ඇති ආරවුල් ශ්‍රේෂ්ඨාධිකරණය බේරුම් කරයි.
- C - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරිම සඳහා මධ්‍යම සහ ප්‍රාන්ත ආණ්ඩු අතර සහයෝගීතාව අනිවාර්ය වේ.
- D - ප්‍රාන්ත රාජ්‍ය තමන් සතු නිශ්චිත අනන්‍යතා තබා ගනිමින් එකමුතුව සිටියි.
- E - මධ්‍යම ව්‍යවස්ථාදායකයට ප්‍රාන්ත ව්‍යවස්ථාදායක අභිබවා යා හැකි ය.
Complexity: (0) More