You can test your knowledge. or
(1)

බැක්ටීරියාවල ප්‍රධාන ලක්ෂණවලින් එකක් වන්නේ,

(1)

සෛල බිත්තියේ කයිටින් තිබීම ය.

(2)

න්‍යෂ්ටික පටලයක් නොමැති වීම ය.

(3)

$80S$ රයිබොසෝම තිබීම ය.

(4)

අනිවාර්ය පරපෝෂිතයන් වීම ය.

(5)

ජීව සෛල තුළ පමණක් ගුණනය වීම ය.

Complexity: (0)
More
(2)

විනාකිරි නිෂ්පාදනයට යොදා ගන්නේ,

(1)

යීස්ට් පමණි.

(2)

ඇසිටික් අම්ල බැක්ටීරියා පමණි.

(3)

යීස්ට් සමග ලැක්ලික් අම්ල බැක්ටීරියා පමණි.

(4)

යීස්ට් සමග ඇසිටික් අම්ල බැක්ටීරියා පමණි.

(5)

යීස්ට් සමග බියුට්‍රික් අම්ල බැක්ටීරියා පමණි.

Complexity: (0)
More
(3)

$A$ සහ $B$ නමින් දක්වා ඇති ජෛවාණු දෙකක් තිබෙන ක්‍රියාකාරී පහත වගුවේ දක්වා ඇත.

ජෛවාණුවක්‍රියාකාරී කාණ්ඩය/කාණ්ඩ
A$\ce{-COOH}$ කාණ්ඩය පමණි.
B$\ce{-COOH}$ සහ $\ce{-NH2}$ කාණ්ඩ පමණි.

පහත දක්වා ඇති කුමන ජෛවාණු මගින් $A$ සහ $B$ පිළිවෙළින් දක්වයි ද?

(1)

ඇමයිනෝ අම්ල සහ මේද අම්ල

(2)

ඇමයිනෝ අම්ල සහ ග්ලූකෝස්

(3)

මේද අම්ල සහ ග්ලූකෝස්

(4)

මේද අම්ල සහ ඇමයිනෝ අම්ල

(5)

ග්ලූකෝස් සහ ඇමයිනෝ

Complexity: (0)
More
(4)

එන්සයිම පිළිබඳ පහත සඳහන් වගන්ති සලකන්න.

  • (A) එන්සයිමයක ක්‍රියාකාරිත්වය මාධ්‍යයේ $pH$ අගයෙන් ස්වායත්ත වේ.
  • (B) එන්සයිමයේ ක්‍රියාකාරිත්වය එයට විශේෂිත වූ ත්‍රිමාන හැඩය මත බලපායි.
  • (C) බොහෝ එන්සයිම ක්‍රියාකාරී වන්නේ $\pu{5 °C}$ සිට $\pu{40 °C}$ උෂ්ණත්ව පරාසය තුළ ය.

ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය වන්නේ,

(1)

(A) පමණි.

(2)

(B) පමණි.

(3)

(C) පමණි.

(4)

(A) සහ (B) පමණි.

(5)

(B) සහ (C) පමණි.

Complexity: (0)
More
(5)

කවර සංයෝගයක් ජෛව ඩීසල් නිෂ්පාදනයේ දී අමු ද්‍රව්‍යයක් ලෙස යොදා ගත හැකි ද?

(1)

ග්ලිසරෝල්

(2)

ට්‍රයිග්ලිසරයිඩ්

(3)

සෙලියුලෝස්

(4)

ප්‍රෝටීන

(5)

පිෂ්ටය

Complexity: (0)
More
(6)

තීන්ත නිෂ්පාදනයේ දී ටයිටේනියම් ඩයොක්සයිඩ් ($\ce{TiO2}$) ප්‍රධාන වශයෙන් භාවිත කරනුයේ,

(1)

ද්‍රාවකයක් ලෙස ය.

(2)

ආකලන ද්‍රව්‍යයක් (additive) ලෙස ය.

(3)

බැඳුම්කාරකයක් (binder) ලෙස ය.

(4)

වර්ණකයක් (pigment) ලෙස ය.

(5)

පිරවුම් ද්‍රව්‍යයක් ලෙස ය.

Complexity: (0)
More
(7)

තාපසු විකාරිය ප්ලාස්ටික් සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න.

  • (A) ඒවායේ හරස් බන්ධන ඇත.
  • (B) ඒවා තාපය හමුවේ මෘදු කළ හැකි ය.
  • (C) ඒවා එක්වරක් පමණක් යම් හැඩයකට පත් කළ හැකි ය.

ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය වන්නේ,

(1)

(A) පමණි.

(2)

(B) පමණි.

(3)

(C) පමණි.

(4)

(A) සහ (B) පමණි.

(5)

(B) සහ (C) පමණි.

Complexity: (0)
More
(8)

පුනර්ස්ඵටිකීකරණ තාක්ෂණය භාවිත කළ හැකි වන්නේ,

(1)

ද්‍රාවණයක් පෙරා ගැනීම සඳහා ය.

(2)

වාෂ්ප මගින් ඝන ඵලයක් (solid product) ලබා ගැනීම සඳහා ය.

(3)

ඵලයක අපද්‍රව්‍ය ඇති බව හඳුනා ගැනීම සඳහා ය.

(4)

ඝන ඵලයක් ද්‍රාවකයක් තුළ දිය කර ගැනීම සඳහා ය.

(5)

අමු ඵලයක් (raw product) පිරිසිදු කර ගැනීම සඳහා ය.

Complexity: (0)
More
(9)

ද්විතීයික පරිවෘත්තජ සම්බන්ධයෙන් පහත වගන්ති සලකන්න.

  • (A) සියලු ම ද්විතීයික පරිවෘත්තජ ඖෂධ ලෙස භාවිත කළ හැකි ය.
  • (B) සියලු ම ද්විතීයික පරිවෘත්තජ පහසුවෙන් නිස්සාරණය කළ හැකි ය.
  • (C) සාමාන්‍යයෙන් ද්විතීයික පරිවෘත්තජ සුළු ප්‍රමාණවලින් ස්වභාවිකව නිෂ්පාදනය වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය වන්නේ,

(1)

(A) පමණි.

(2)

(B) පමණි.

(3)

(C) පමණි.

(4)

(A) සහ (C) පමණි.

(5)

(B) සහ (C) පමණි.

Complexity: (0)
More
(10)

පේටන්ට් බලපත්‍රයක් (patent) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය කුමක් ද?

(1)

එමගින් නිපැයුම්කරුවකුගේ අයිතීන් ආරක්ෂා වේ.

(2)

එය රජය මගින් නිකුත් කෙරේ.

(3)

එය නව නිපැයුමක් සමාජයට හඳුන්වා දීම සඳහා භාවිත කළ හැකි ය.

(4)

ඉල්ලුම්කරුවකු කර්මාන්ත හිමිකරුවකු ම විය යුතු ය.

(5)

එය නව නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා ලබා ගත හැකි ය.

Complexity: (0)
More