You can test your knowledge. or
(1)

පෘෂ්ඨික ආතතියේ SI ඒකකය වන්නේ

(1)

$\pu{N}$

(2)

$\pu{Nm-1}$

(3)

$\pu{Nm}$

(4)

$\pu{Nm-2}$

(5)

$\pu{Nm2}$

Complexity: (2)
More
(2)

එක්තරා භෞතික රාශියක මාන $\pu{[L]^3}$ න් ගුණ කළ විට කාර්යය සඳහා මාන ලැබේ. භෞතික රාශිය වන්නේ

(1)

බලය

(2)

ගම්‍යතාව

(3)

පීඩනය

(4)

ස්කන්ධය

(5)

ප්‍රවේගය

Complexity: (0)
More
(3)

වස්තුවක නිරපේක්ෂ උෂ්ණත්වය දෙගුණ කළ විට ශක්තිය විකිරණය වීමේ ශීඝ්‍රතාව

(1)

නොවෙනස්ව පවතී.

(2)

දෙගුණයකින් වැඩි වේ.

(3)

හතර ගුණයකින් වැඩි වේ.

(4)

අට ගුණයකින් වැඩි වේ.

(5)

දහසය ගුණයකින් වැඩි වේ.

Complexity: (0)
More
(4)

කම්බියක් ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක ගමන් කරන විට එහි, දිග හරහා විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වේ. මෙම විද්‍යුත්ගාමක බලය රඳා නො පවතිනුයේ.

(1)

කම්බියේ ප්‍රවේගය මත ය.

(2)

කම්බියේ අරය මත ය.

(3)

කම්බියේ දිග මත ය.

(4)

චුම්බක ක්ෂේත්‍රයේ ස්‍රාව ඝනත්වය මත ය.

(5)

කමිබිය චුම්බක ක්ෂේත්‍රය සමහ සාදන කෝණය මත ය.

Complexity: (0)
More
(5)

ප්‍රකාශ විද්‍යුත් ආචරණය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

  • (A) ආලෝකය ශක්ති පොදි ලෙස උපකල්පනය කර මෙම ආචරණය විස්තර කළ හැකි ය.
  • (B) දී ඇති ඒකවර්ණ පතන ආලෝකයක් සඳහා විමෝචනය වන ඉලෙක්ට්‍රෝනවල ශක්තිය ද්‍රව්‍යය ම රඳා නො පවති.
  • (C) පතන ආලෝකයේ තීව්‍රතාව මත ඉලෙක්ට්‍රෝන විමෝචනය වීමේ ශීඝ්‍රතාව රඳා පවතී.

ඉහත ප්‍රකාශ අතුරෙන්,

(1)

(A) සහ (B) පමණක් සත්‍ය වේ.

(2)

(B) සහ (C) පමණක් සත්‍ය වේ.

(3)

(A) සහ (C) පමණක් සත්‍ය වේ.

(4)

(A), (B) සහ (C) යන සියල්ල ම සත්‍ය වේ.

(5)

(A), (B) සහ (C) යන සියල්ල ම අසත්‍ය වේ.

Complexity: (0)
More
(6)

තීව්‍රතාව $I$ වන ධ්වනි ප්‍රභවයකින් නිකුත්වන ශබ්දය එක්තරා ලක්ෂ්‍යයකට ළඟාවේ. ධ්වනි තීව්‍රතාව $2I$ දක්වා වැඩි කළ විට එම ලක්ෂ්‍යයේම ධ්වනි තීව්‍රතා මට්ටමේ ඇතිවන වෙනස වන්නේ . ($\log 2 = 0.3$)

(1)

$\pu{0.3 dB}$

(2)

$\pu{3 dB}$

(3)

$\pu{6 dB}$

(4)

$\pu{9 dB}$

(5)

$\pu{15 dB}$

Complexity: (0)
More
(7)

වාතයේ තබා ඇති වීදුරු ප්‍රිස්මයක් තුළින් ඒකවර්ණ ආලෝක කිරණයක වර්තනය සඳහා කරන ලද පහත ප්‍රකාශ සලකා බලන්න.

  • (A) ප්‍රිස්මය තුළ දී ආලෝක කිරණයේ වේගය ප්‍රිස්මයෙන් ඉවතදීට වඩා අඩු ය.
  • (B) ප්‍රිස්මය තුළ දී ආලෝක කිරණයේ සංඛ්‍යාතය ප්‍රිස්මයෙන් ඉවතදීට වඩා අඩු ය.
  • (C) ප්‍රිය තුළ දී ආලෝක කිරණයේ තරංග ආයාමය ප්‍රිස්මයෙන් ඉවතදීට වඩා අඩු ය.

ඉහත ප්‍රකාශ අතුරෙන්

(1)

(A) පමණක් සත්‍ය වේ.

(2)

(C) පමණක් සත්‍ය වේ.

(3)

(A) සහ (B) පමණක් සත්‍ය වේ.

(4)

(A) සහ (C) පමණක් සත්‍ය වේ.

(5)

(A), (B) සහ (C) යන සියලූ ම සත්‍ය වේ.

Complexity: (0)
More
(8)

සැහැල්ලු දුනු තරාදියකට සුමට කප්පි හාවිත කර $\pu{100 N}$ බරක් යොදා ඇති ආකාර හතරක් $A, B, C$ සහ $D$ යන රූප සටහන්වලින් පෙන්වා ඇත.
gce-al-physics-2007-mcq-sinhala-8
අවස්ථා හතරේ දී දුනු තරාදි පරිමාණයේ පාංඨක විය හැක්කේ,

 ABCD
(1)$\pu{100 N}$$\pu{100 N}$$\pu{100 N}$$\pu{100 N}$
(2)$\pu{100 N}$$0$$\pu{200 N}$$\pu{100 N}$
(3)$\pu{100 N}$$\pu{100 N}$$\pu{100 N}$$\pu{200 N}$
(4)$\pu{100 N}$$0$$\pu{200 N}$$\pu{200 N}$
(5)$\pu{100 N}$$\pu{100 N}$$\pu{200 N}$$\pu{200 N}$

 

(1)
(2)
(3)
(4)
(5)
Complexity: (0)
More
(9)

ද්‍රව්‍යයක රේඛීය ප්‍රසාරණතාව පිළිබඳව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න.

  • (A) එහි $SI$ ඒකකය ව න්නේ $\pu{K-1}$ ය.
  • (B) උෂ්ණත්වය කෙල්වින් වෙනුවට සෙල්සියස්වලින් මනිනු ලැබූ විට එහි අගය වෙනස් වේ.
  • (C) උෂ්ණත්වය කෙල්වින් වෙනුවට ෆාරන්හයිට්වලින් මනිනු ලැබූ විට එහි අගය වෙනස් වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්

(1)

(A) පමණක් සත්‍ය වේ.

(2)

(A) සහ (C) පමණක් සත්‍ය වේ.

(3)

(A) සහ (B) පමණක් සත්‍ය වේ.

(4)

(B) සහ (C) පමණක් සත්‍ය වේ.

(5)

(A), (B) සහ (C) යන සියල්ල ම සත්‍ය වේ.

Complexity: (0)
More
(10)

සරල අනුවර්තී දෝලකයක වේගය $u$ කාලය $t$ සමගgce-al-physics-2007-mcq-sinhala-10 වෙනස් වන ආකාරය රූපයේ දැක්වේ. එහි ප්‍රවේගය $v$ කාලය $t$ සමග වෙනස් වන ආකාරය වඩාත් ම හොඳින් නිරූපණය කරනු ලබනුයේ

(1)

gce-al-physics-2007-mcq-sinhala-10-1

(2)

gce-al-physics-2007-mcq-sinhala-10-2

(3)

gce-al-physics-2007-mcq-sinhala-10-3

(4)

gce-al-physics-2007-mcq-sinhala-10-4

(5)

gce-al-physics-2007-mcq-sinhala-10-5

Complexity: (0)
More