You can test your knowledge. or
(1)

ඉලෙක්ට්‍රෝන වෝල්ට $(\mathrm{eV})$ යනු

(1)

ආරෝපණයේ ඒකකයකි.

(2)

විභවයේ ඒකකයකි.

(3)

ධාරිතාවේ ඒකකයකි.

(4)

ශක්තියේ ඒකකයකි.

(5)

විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ඒකකයකි.

Complexity: (0)
More
(2)

පහත සඳහන් $A$, $B$ සහ $C$ යන මිනුම්, නිවැරදි ලෙස තෝරා ගත් මිනුම් උපකරණ භාවිතයෙන් ලබා ගෙන ඇත.
$A=3.1\ \mathrm{cm}$     $B = 4.23\ \mathrm{cm}$       $C = 0.354\ \mathrm{cm}$
$A$, $B$ සහ $C$ යන මිනුම් සඳහා යොදා ගෙන ඇති උපකරණ වනුයේ

 ABC
(1)ව'නියර් කැලිපරයව'නියර් කැලිපරයමයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය
(2)මීටර කෝදුවමීටර කෝදුවව'නියර් කැලිපරය
(3)මීටර කෝදුවමයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානයචල අණ්වීක්ෂය
(4)මීටර කෝදුවව'නියර් කැලිපරයමයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය
(5)ව'නියර් කැලිපරයමීටර කෝදුවචල අණ්වීක්ෂය

ව'නියර් කැලිපරය මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය මීටර කෝදුව චල අණ්වීක්ෂය

(1)
(2)
(3)
(4)
(5)
Complexity: (0)
More
(3)

එක එකෙහි බල්බය තුළ සමාන රසදිය පරිමාවන් ඇති $A$ සහ $B$ රසදිය විදුරු උෂ්ණත්වමාන දෙකක කේශික නලවල අරයයත් පිළිවෙළින් $r$ සහ $\frac{r}{3}$ වේ. බල්බවල උෂ්ණත්ව $1\ \mathrm{°C}$ කින් වැඩි කළ විටgce-al-physics-2015-mcq-sinhala-3 යන අනුපාතය ආසන්න වශයෙන් (වීදුරුවල ප්‍රසාරණය නොසලකා හරින්න.)

(1)

$\frac{1}{9}$

(2)

$\frac{1}{3}$

(3)

$1$

(4)

$3$

(5)

$9$

Complexity: (0)
More
(4)

ධ්වනි තීව්‍රතා මට්ටම $1\ \mathrm{dB}$ කින් ඉහළ නැංවූයේ නම්, ධ්වනි තීව්‍රතාව කොපමණ සාධකයකින් වැඩි වේ ද?

(1)

$1$

(2)

$10^{0.1}$

(3)

$10^1$

(4)

$10^{10}$

(5)

$10^{12}$

Complexity: (0)
More
(5)

ප්‍රකාශ උපකරණ තුනක් පිළිබඳ ව කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

  • (A) සරල අණ්වීක්ෂයට එක් අභිසාරී කාචයක් ඇති අතර, අණ්වීක්ෂය සාමාන්‍ය සීරුමාරුවේ දී විශද දෘෂ්ටියේ අවම දුරෙහි අතාත්වික ප්‍රතිබිම්බයක් සාදයි.
  • (B) සංයුක්ත අණ්වීක්ෂයට අභිසාරි කාච දෙකක් ඇති අතර, අණ්වීක්ෂය සාමාන්‍ය සීරුමාරුවේ දී අතාත්වික විශාලිත ප්‍රතිබිම්බයක් අනන්තයේ සාදයි.
  • (C) නක්ෂත්‍ර දුරේක්ෂයට අභිසාරී කාච දෙකක් ඇති අතර, දුරේක්ෂය සාමාන්‍ය සීරුමාරුවේ දී තාත්වික විශාලිත ප්‍රතිබිම්බයක් අනන්තයේ සාදයි.

ඉහත ප්‍රකාශවලින්,

(1)

A පමණක් සත්‍ය වේ.

(2)

A සහ B පමණක් සත්‍ය වේ.

(3)

A සහ C පමණක් සත්‍ය වේ.

(4)

B සහ C පමණක් සත්‍ය වේ.

(5)

A, B සහ C සියල්ල ම සත්‍ය වේ.

Complexity: (0)
More
(6)

රූපයේ පෙන්වා ඇති පරිදි $7.5\ \mathrm{cm}$ ක ඝනකමකින් යුත් පතුලක් සහිත සිලින්ඩරාකාර වීදුරු භාජනයක් $13.3\ \mathrm{cm}$gce-al-physics-2015-mcq-sinhala-6සකට ජලයෙන් පුරවා ඇත. වීදුරු සහ ජලයේ වර්තන අංක පිළිවෙළින් $1.5$ සහ $1.33$ වේ. ජල පෘෂ්ඨයට ඉහළින් නිරික්ෂණය කළ විට, භාජනයේ පතුලේ $P$ ලක්ෂ්‍යයෙහි පිහිටි සලකුණක දෘශ්‍ය ගැඹුර වන්නේ,

(1)

$5.8\ \mathrm{cm}$

(2)

$10.9\ \mathrm{cm}$

(3)

$11.6\ \mathrm{cm}$

(4)

$11.9\ \mathrm{cm}$

(5)

$15.0\ \mathrm{cm}$

Complexity: (0)
More
(7)

කඹයකින් ශක්තිමත් ගසක බැඳ ඇති ගවයෙක් යාබද ව ඇති පොල්gce-al-physics-2015-mcq-sinhala-7 පැළයක් කෑමට උත්සාහ කරන ආකාරය $(a)$ රූපයෙහි පෙන්වා ඇත. ගවයා සඳහා නිදහස් වස්තු රූප සටහන (free-body diagram) නිවැරදි ව දැවෙන්නේ,

(1)

gce-al-physics-2015-mcq-sinhala-7-1

(2)

gce-al-physics-2015-mcq-sinhala-7-2

(3)

gce-al-physics-2015-mcq-sinhala-7-3

(4)

gce-al-physics-2015-mcq-sinhala-7-4

(5)

gce-al-physics-2015-mcq-sinhala-7-5

Complexity: (0)
More
(8)

රූපයේ දක්වා ඇති කප්පි සැකසුම මගින්, $D$ ප්‍රකර්ෂණ උපකරණයකට සම්බන්ධ කර ඇති gce-al-physics-2015-mcq-sinhala-8රෝගියකුගේ පාදය මත බලයක් ඇති කරයි. කප්පි ඝර්ෂණයෙන් තොර වන අතර පද්ධතිය සමතුලිතතාවයේ පවතී. $D$ මගින් පාදය මත ක්‍රියාකරන තිරස් බලය $80\ \mathrm{N}$ නම්, එල්ලා ඇති $m$ ස්කන්ධයෙහි අගය වන්නේ $\Big( \cos 30^0 = \frac{\sqrt{3}}{2} \Big)$

(1)

$\frac{4}{\sqrt{3}}\ \mathrm{kg}$

(2)

$4\ \mathrm{kg}$

(3)

$\frac{8}{\sqrt{3}}\ \mathrm{kg}$

(4)

$8\ \mathrm{kg}$

(5)

$8\sqrt{2}\ \mathrm{kg}$

Complexity: (0)
More
(9)

එක එකෙහි ක්ෂේත්‍රඵලය $A$ වූ ලෝහ තහඩු දෙකක් භාවිත කර, පරතරය $0.9\ \mathrm{cm}$ සහිත වාතය මාධ්‍ය ලෙස ඇති $1\ \mathrm{F}$ සමාන්තර තහඩු ධාරිත්‍රකයක් සෑදුවහොත්, $A$ ක්ෂේත්‍රඵලයෙහි අගය ආසන්න වශයෙන් වන්නේ, ($\epsilon_0$ හි අගය $9 \times 10^{-12} \ \mathrm{Fm^{-1}}$ ලෙස ගන්න.)

(1)

$1\ \mathrm{cm^{2}}$

(2)

$100\ \mathrm{cm^{2}}$

(3)

$1000\ \mathrm{m^{2}}$

(4)

$100\ \mathrm{km^{2}}$

(5)

$1000\ \mathrm{km^{2}}$

Complexity: (0)
More
(10)

දී ඇති පරිපථයෙහි බැටරියෙන්gce-al-physics-2015-mcq-sinhala-10 ඇදගන්නා ධාරාව (ඇම්පියරවලින්) වනුයේ,

(1)

$\frac{1}{R}$

(2)

$\frac{2}{R}$

(3)

$\frac{3}{R}$

(4)

$\frac{4}{R}$

(5)

$\frac{5}{R}$

Complexity: (0)
More