පරමාණුක ව්‍යුහය හා සම්බන්ධ පහත දැක්වෙන සොයා ගැනීම් සලකන්න.
- I. කැතෝඩ කිරණ නළය තුළ ධන කිරණ
- II. සමහර න්‍යෂ්ටි වර්ග මගින් ඇති කරන විකිරණශීලීතාවය
ඉහත I සහ II හි සඳහන් සොයා ගැනීම් කළ විද්‍යාඥයන් දෙදෙනා පිළිවෙළින්,
මැංගනීස් පරමාණු වේ ($\ce{Mn, Z = 25}$) $l=0$ සහ $m_1 = -1$ ක්වොන්ටම් අංක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පිළිවෙළින්,
$\ce{M}$ යනු ආවර්තිතා වගුවේ දෙවන ආවර්තයට අයත් මූලද්‍රව්‍යයකි. එය ද්විධ්රැව ඝූර්ණයක් ඇති $\ce{MCl3}$, සහසංයුජ අණුව සාදයි. ආවර්තිතා වගුවේ $\ce{M}$ අයත් වන කාණ්ඩය වනුයේ,
පෙරොක්සිනයිට්රික් අම්ල අණුවක් (සූත්‍රය $\ce{HNO4}$, ) සඳහා ඇඳිය හැකි අස්ථායි ලුවිස් තිත්-ඉරී ව්‍යුහ සංඛ්‍යාව වනුයේ,
දී ඇති සංයෝගයේ IUPAC නාමය වනුයේ,
$\ce{O, O^2-, F, F-, S^2-, Cl-}$ යන ප්රභේදවල අරයන් අඩුවන පිළිවෙළ වන්නේ,
$T_1 (K)$ උෂ්ණත්වයේදී සහ $P_1 (Pa)$ පීඩනයේදී දෘඪ - සංවෘත බඳුනක් තුළ පරිපූර්ණ වායුවක මවුල $n_1$ ප්‍රමාණයක් අඩංගු වේ. මෙම බඳුනට තවත් වැඩිපුර වායු ප්‍රමාණයක් ඇතුළු කළවිට නව උෂ්ණත්වය සහ පීඩනය පිළිවෙළින් $T_2$ සහ $P_2$ විය. දැන් භාජනය තුළ ඇති මුළු වායු මවුල ප්‍රමාණය වන්නේ,
ආම්ලික $\ce{K2Cr2O7}$ ද්‍රාවණයක් භාවිත කර එතනෝල් $\ce{(C2H5OH)}$ ඇසිටික් අම්ලය $\ce{(CH3COOH)}$ බවට ඔක්සිකරණය කිරීමේ ප්‍රතික්‍රියාවේදී හුවමාරු වන සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වන්නේ,
ජලීය $\ce{NaOH}$ සමග ප්‍රතික්‍රියා කළවිට ඇල්ඩෝල් සංඝනනයට භාජනය විය හැක්කේ පහත දැක්වෙන කුමන සංයෝගය ද?
$\ce{AX(s), A2Y(s)}$ හා $\ce{AZ(s)}$ යනු ජලයෙහි අල්ප වශයෙන් දිය වන ලවණ වන අතර, $\pu{25 °C}$ දී ඒවායෙහි $K_{sp}$ අගයන් පිළිවෙළින් $\pu{1.6E-9}, \pu{3.2E-11}$ සහ $\pu{9.0E-12}$ වේ. $\pu{25 °C}$ දී $\ce{A+(aq)}$ කැටායනයෙහි සාන්ද්‍රණය අඩුවන පිළිවෙළට මෙම ලවණවල සංතෘප්ත ද්‍රාවණ තුනේ පෙළගැස්ම පහත සඳහන් කුමක් මගින් පෙන්වයි ද?