You can test your knowledge. or
(1)

දේශපාලනය

  • A - බලය සඳහා කරනු ලබන අරගලය ලෙස සැලකේ.
  • B - සමාජ, ආර්ථික සහ දේශපාලන ගැටලු පිළිබඳ නොඑකගතාවන්හි ප්‍රතිඵලය වේ.
  • C - ප්‍රශ්නාර්ථගත ගැටලු විසඳීමට රාජ්‍ය බලය යෙදවීම හා සම්බන්ධ වේ.
  • D - මහත්වරුන් විසින් පමණක් රග දක්වන ක්‍රීඩාවක් ලෙස සැලකේ.
  • E - අධිකාරි බලය භාවිත කරමින් අගය කිරීම් බෙදා හැරීම පිළිබඳ ක්‍රීඩාව වේ.

(1)

ABCD

(2)

BCDE

(3)

ABDE

(4)

ACDE

(5)

ABCE

Complexity: (0)
More
(2)

දේශපාලන විද්‍යාව

  • A - රාජ්‍යය, ආණ්ඩුව සහ දේශපාලනය පිළිබඳ හැදෑරීම හා සම්බන්ධ විෂය වේ.
  • B - මිනිස් ජීවිතයේ ආරම්භය, පැවැත්ම සහ අවසානය අධ්‍යයනය කිරීම හා සම්බන්ධ විෂය වේ.
  • C - දර්ශනය, චින්තනය, න්‍යාය සහ මතවාද යන සිව්වැදෑරුම් අංගවලින් සමන්විත වේ.
  • D - සමාජීය විද්‍යාවක් ලෙස පොදුවේ පිළිගනු ලැබේ.
  • E - න්‍යායාත්මක දේශපාලනය සහ ප්‍රායෝගික දේශපාලනය යන දෙඅංශයෙන් සමන්විත වේ.

(1)

ABCD

(2)

BCDE

(3)

ABDE

(4)

ACDE

(5)

ABCE

Complexity: (0)
More
(3)

දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් වන්නේ

  • A - දේශපාලන කාරණා පිළිබඳව තාර්කික අගය විනිශ්චය කිරීම් වලට එළඹීම සඳහා ය.
  • B - දේශපාලන භූමිකා ඵලදායීව සහ කාර්යක්‍ෂමව ඉටු කිරීම සඳහා ය.
  • C - තමන් අකමැති පුද්ගලයන්ට මඩ ගැසීම සහ ඔවුන්ගේ චරිතය ඝාතනය කිරීම සඳහා ය.
  • D - දේශපාලන, පරිපාලන සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍ෂේත්‍රවල ප්‍රභූද්ධත්වය අයත් කරගැනීම සඳහා ය.
  • E - පුරවැසි යුතුකම් සහ වගකීම් උපරිම හැගීමකින් ඉටු කිරීමට හැකිවන නිසා ය.

(1)

ABCD

(2)

BCDE

(3)

ABDE

(4)

ACDE

(5)

ABCE

Complexity: (0)
More
(4)

රාජ්‍යය

  • A - අනෙකුත් සියලුම සමාජ සංවිධාන අතුරෙන් ඉහළම සංවිධානය ලෙස සැලකෙන මානව ප්‍රජාව වේ.
  • B - ස්වාධිපත්‍ය බලය ලෙස හැඳින්වෙන උත්තරීතර අධිකාරි බලයේ පරම හිමිකරුවා වේ.
  • C - ජාතීන් අතර දේශපාලනයේ ප්‍රධාන රැගුම්කරුවා වේ.
  • D - එයටම අනන්‍ය වූ නිල නාමයකින්, ජාතික ගීයකින් හා ජාතික කොඩියකින් සමන්විත දේශපාලන සංවිධානයක් වේ.
  • E - ආණ්ඩුවේ දේශපාලන හස්තය වේ.

(1)

ABCD

(2)

BCDE

(3)

ABDE

(4)

ACDE

(5)

ABCE

Complexity: (0)
More
(5)

ආණ්ඩුව

  • A - ජාතික මට්ටමෙන් ඒකීය හෝ සන්ධීය පදනම මත සංවිධානය කරනු ලැබේ.
  • B - රාජ්‍යයේ බලය සහ කාර්ය ඉටුකිරීමේ වගකීම පැවරී ඇති රාජ්‍ය සේකයා වේ.
  • C - රාජ්‍යය නමැති නෞකාවේ සුක්කානම හසුරුවන්නා වේ.
  • C - රාජ්‍යයේ භූමිය තුළ ජීවත්වෙන සමස්ත ජනතාවගෙන්ම සමන්විත මානව ප්‍රජාව වේ.
  • E - ප්‍රජාතන්ත්‍රවාදී හෝ විප්ලවීය මාර්ග හරහා ජනතාවට වෙනස් කළ හැකි දේශපාලන ආයතනයක් වේ.

(1)

ABCD

(2)

BCDE

(3)

ABDE

(4)

ACDE

(5)

ABCE

Complexity: (0)
More
(6)

ඒකීය ආණ්ඩුව

  • A - භූගෝලීය වශයෙන් ඒකරාශී වී සිටින සුළු ජනකොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති හොඳම ආණ්ඩුක්‍රමය ලෙස සැලකේ.
  • B - ඒක බල කේන්ද්‍රයකින් පමණක් සමන්විත ආණ්ඩුක්‍රමයක් වේ.
  • C - කුඩා භූමි ප්‍රදේශයක් සහිත රාජ්‍යවලට හෝ සජාතීය සමාජ සහිත රාජ්‍යවලට හෝ වඩාත් යෝග්‍යයැයි සැලකේ.
  • D-- ඒකීය පරිපාලන ක්‍රමයක්, ඒකීය අධිකරණ ක්‍රමයක් සහ ඒකීය පුරවැසිභාවයක් යන ගුණාංගවලින් යුක්ත වේ.
  • E - කාර්යක්ෂමතාවයෙන් වැඩි සහ ප්‍රජාතන්ත්‍රවාදීභාවයෙන් අඩු ආණ්ඩුක්‍රමයක් ලෙස පොදුවේ පිළිගනු ලැබේ.

(1)

ABCD

(2)

BCDE

(3)

ABDE

(4)

ACDE

(5)

ABCE

Complexity: (0)
More
(7)

සන්ධීය ආණ්ඩුක්‍රමය

  • A- තල දෙකක ආණ්ඩුවලින් යුත් ආණ්ඩුක්‍රමයක් වේ.
  • B - මධ්‍යය සහ පරිධිය අතර සිරස් බල පංගුකාරිත්වය පදනම් කරගෙන ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රමයක් වේ.
  • C - සමාජ බහුවිධතාව ආරක්ෂා කරමින් ඒකීයත්වය ළඟාකරගත හැකි හොඳම ආණ්ඩුක්‍රමය ලෙස සැලකේ.
  • D - කුඩා ජනගහනයකින් සහ කුඩා භූමි ප්‍රදේශයකින් යුත් රාජ්‍යවලට වඩාත් යෝග්‍ය ආණ්ඩුක්‍රමයක් ලෙස සැලකේ.
  • E - $\pu{1789}$ දී ස්ථාපිත කළ ඇමෙරිකානු ව්‍යවස්ථාව මගින් දේශපාලන ලෝකයට දායාද කළ ආණ්ඩුක්‍රම ආකෘතියක් වේ.

(1)

ABCD

(2)

BCDE

(3)

ABDE

(4)

ACDE

(5)

ABCE

Complexity: (0)
More
(8)

කැබිනට් ආණ්ඩුක්‍රමය

  • A - පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය ලෙස ද හැඳින්වේ.
  • B - බලතල බෙදීමේ මූලධර්මය මත ගොඩනගා ඇත.
  • C - විධායකය, නාමික සහ සත්‍ය වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ.
  • D - සෘජුව තෝරාපත් කරගන්නා ව්‍යවස්ථාදායකය සහ ඒ තුළින් තෝරා ගන්නා විධායකයකින් යුක්ත වේ.
  • E - ජනාධිපති ආණ්ඩුක්‍රමය හා සසඳන විට ප්‍රජාතන්ත්‍රවාදීභාවයෙන් වැඩි වුවද කාර්යක්ෂමතාවයෙන් අඩු වේ.

(1)

ABCD

(2)

BCDE

(3)

ABDE

(4)

ACDE

(5)

ABCE

Complexity: (0)
More
(9)

ජනාධිපති ආණ්ඩුක්‍රමය

  • A - $\pu{1958}$ දී ප්‍රංශයේ ස්ථාපිත කරන ලද පස්වන සමූහාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ආකෘතියකි.
  • B - ජනතාව විසින් සෘජුව හෝ වක්‍රව තෝරාපත් කරන ජනාධිපති නමින් හඳුන්වන විධායකයක් විසින් නායකත්වය දරනු ලැබේ.
  • C - වඩාත් කාර්යක්ෂම වුවද, ප්‍රජාතන්ත්‍රවාදීභාවයෙන් අඩු යැයි සැලකේ.
  • D - බලතල බෙදීමේ මූලධර්මය මත ගොඩනගා ඇත.
  • E - හදිසි අවස්ථාවක් සඳහා වඩාත් යෝග්‍යයැයි සැලකේ.

(1)

ABCD

(2)

BCDE

(3)

ABDE

(4)

ACDE

(5)

ABCE

Complexity: (0)
More
(10)

අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමය

  • A - $\pu{1958}$ දී ප්‍රංශයේ ඩිගෝල් සෙනෙවියා විසින් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ආකෘතියකි.
  • B - කැබිනට් සහ ජනාධිපති ආණ්ඩුක්‍රමවල මූලික මූලධර්ම එකට එක්කොට ගොඩනගා ඇත.
  • C - ජනාධිපති සහ කැබිනට් මණ්ඩලයක් සහිත ද්විත්ව විධායකයකින් යුක්ත වේ.
  • D - ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිගේ නායකත්වය යටතේ ය.
  • E - ඒක පක්ෂ ආධිපත්‍ය සහිත දේශපාලන ක්‍රම සඳහා වඩාත් යෝග්‍ය ආණ්ඩුක්‍රමයක් ලෙස පොදුවේ පිළිගනු ලබයි.

(1)

ABCD

(2)

BCDE

(3)

ABDE

(4)

ACDE

(5)

ABCE

Complexity: (0)
More